Crop Technology


                               අරුම පුදුම ගොයම් ගසක්
 


     
කලකට පසුව අසාමාන්‍ය ලෙස උස ගොයම් ගසක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා
වේ.මෙය සබරගමුව විශ්වවිද්යාල භුමියේ පිහිටා ඇත.සබරගමු විශ්වවිද්යාලයේ
කෘෂිකර්ම පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී.අයි. යාපා මහතා මෙම බීජ
තන්තිරිමලේ ප්‍රදේශයෙන් ලබාගෙන ඒවා විශ්වවිද්යාල භුමියේ සිටුවා ඇත.
       
අද වන විට මෙම ගසේ උස අඩි 12 පමණ වේ.පර්වයක් අඩි දෙක හමාරක් පමණ
දිගු බව පැවසේ.මෙම වී වර්ගය නියඟයට ඔරොත්තු දෙන වී වර්ගයක් බවත් නමුත්
තව දුරටත් පර්යේෂණ කල යුතු බව පැවසේ.මීට පෙර මෙවැනි උස ගසක් වාර්තා වී 
ඇත්තේ 1998 වර්ෂයේ ඉන්දියාවෙනි.සාමාන්‍ය වී ප්‍රභේදයක් මෙන්ම මෙම ප්‍රභේදයද
 oryza sativa
විශේෂයට අයත් වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ගුණස වාර්තාවට
හිමිකම් කියන්නේ ඉන්දියානු ගොයම් ශාකයයි.
     
අවසාන වශයෙන් වියළි කාලගුණ තත්වයන්ට පවා මෙම ශාකයට ඔරොත්තු දිය
හැකි බැවින් වැඩි දියුණු කළහොත් ලංකාවේ වියළි ප්‍රදේශ වල සාර්ථකව වගා කල හැක.

මුලාශ,
විදුසර පුවත්පත.

No comments:

Post a Comment